මෙවර අය වැයෙන් සම්පූර්ණ වර්ෂයටම මුදල් වෙන් නොකරන බවත් කාර්තුවෙන් කාර්තුවට ඒ ඒ ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණය කර මුදල් වෙන් කර දීමට තීරණය කර ඇති බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා කියා සිටියේ මුල් කාර්තුවේදි සාර්ථකත්වයක් පෙන්නුම් නොකරන ව්‍යාපෘති සඳහා නැවත මුදල් ලබා නොදීමට පියවර ගන්නා බවයි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ, ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ඊයේ මුදල් අමාත්‍යංශයේ පැවති රැස්විමකට එක් වෙමිනි.
රට තුළ කිසිදු ආහාර හිඟයකට ඉඩ නොතබන බව ද මුදල් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.