Homeවිදේශීය පුවත්මෙක්සිකෝවේ වෙඩිතැබීමකින් 10ක් මරුට

මෙක්සිකෝවේ වෙඩිතැබීමකින් 10ක් මරුට

මධ්‍යම මෙක්සිකෝවේ කර්මාන්ත කලාපයක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කර්මාන්ත කලාපයට ඇතුලු වූ සන්නද්ධ පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවය.

පුද්ගලයින් 9 දෙනෙකුගේ සිරුරු වෙඩි ප්‍රහාරය එල්ලවූ ස්ථානයේ තිබී සොයාගත් අතර තවත් පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here