මෙක්සිකෝව පොදු ස්ථානවල දුම්පානය කිරීම තහනම් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙක්සිකෝව පොදු ස්ථානවල දුම්පානය සම්පූර්ණයෙන් තහනම් කරමින් ලොව දැඩි දුම්කොළ විරෝධී නීතියක් බලාත්මක කර ඇති බවය.
ඒ අනුව මෙක්සිකෝවේ උද්‍යාන, වෙරළ, හෝටල්, කාර්යාල සහ අවහන්වල දුම්පානය සම්පූර්ණයෙන් තහනම් කර ඇත.
මීට පෙර එම නීතිය එරට ආපනශාලා සහ සේවා ස්ථානවලට පමණක් ක්‍රියාත්මක කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නව නීතියත් සමග දුම්කොළ නිෂ්පාදන ප්‍රචාරණය, ප්‍රවර්ධනය සහ අනුග්‍රහය දැක්වීම සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇති අතර ඒ අනුව සාප්පු තුළ සිගරට් ප්‍රදර්ශනය කිරීමට පවා නොහැකි වනු ඇති බව වාර්තා වේ.
තවත් ලතින් අමෙරිකානු රටවල් කිහිපයක් ද දුමෙන් තොර පොදු අවකාශයක් නිර්මාණය කිරීමට නීති සම්මත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.