Homeදේශපාලන පුවත්මෙම දුෂ්කර කාලයේ ලංකාවට සහය දෙනවා – ඉන්දීය විදේශ ඇමති

මෙම දුෂ්කර කාලයේ ලංකාවට සහය දෙනවා – ඉන්දීය විදේශ ඇමති

මෙම දුෂ්කර කාල සීමාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට සහය දෙන බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසයි.

හින්දු පුවත්පත් අනාවරණය කළේ, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමග පැවති සාකච්ඡාවකින් පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා මේ බව කියා සිටි බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ඊයේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නයිජීරියාව යන රටවල විදේශ අමාත්‍යවරුන් සමග ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් වෙනම දුරකථන සාකච්ඡා පවත්වා තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා මෙම සාකච්ඡාවල නිරතව ඇත්තේ, ඔහු ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, මාලදිවයින සහ භූතානයේ විදේශ අමාත්‍යවරුන් සමග ද සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවයි.

“අලුත් අවුරුද්දේ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස්ට සුබ පැතූ බවත් විශ්වාසවන්ත මිතුරෙකු වන ඉන්දියාව මෙම දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාවට සහය වනු ඇති බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

ශ්‍රී ලංකාව සමග සමීප කටයුතු කරන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇතැයි හින්දු පවත් පත අනාවරණය කළේ ය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here