Homeසංචාරක පුවත්මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 07 ඉක්මවයි

මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 07 ඉක්මවයි

2022 වසර තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 719,978ක් පමණ වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්තවල සඳහන් වෙයි.

එම දත්තවලට අනුව 2022 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 91,961කි.

2022 දෙසැම්බර් මාසය තුළදී රුසියාවෙන් 19,963ක සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මීට අමතරව දෙසැම්බර් මාසය තුළදී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 17,350 කි.

2022 සමස්ත වර්ෂය සැලකීමේදී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ද ඉන්දියාවෙන් වන අතර එය 123,004ක් වෙයි.

එය වසර තුළ පැමිණ ඇති සමස්ත සංචාරක ප්‍රමාණයෙන් 17% කි.

සංචාරකයින් ලක්ෂ 08ක ඉලක්කයක් සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සැලසුම් කර තිබුණි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here