Homeදේශීය පුවත්මේ දිනවල දරුවන් අතරේ පැතිරෙන අත් පා මුඛ රෝගය..

මේ දිනවල දරුවන් අතරේ පැතිරෙන අත් පා මුඛ රෝගය..

ළමුන් අතර නැවතත් අත්  පා  මුඛ රෝගය පැතිරෙමින් ඇතැයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. 

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, උණත් සමග හෝ උණ නොමැතිව දරුවන්ට පහත සඳහන් රෝග ලක්ෂණ තිබේ නම්,  වැඩිහිටියන් ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

කට වටේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
අත්වල  රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
කකුල්වල රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
වැලමිටේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
තට්ටම් ප්‍රදේශයේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි

ළඳරු වයසේ සිට අවුරුදු 6 , 7 දක්වා දරුවන් අතරේ මෙම රෝගය පැතිරෙන බැවින් මෙවැනි රෝග ලක්ෂණ තිබේ නම් පිටතට නොයවා දින කිහිපයක් දරුවා නිවසේ තබා ගන්නා ලෙස  සෞඛ්‍ය අංශ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටී.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here