Homeදේශපාලන පුවත්මෛත්‍රීගේ අභියාචනා පෙත්සම ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කෙරේ

මෛත්‍රීගේ අභියාචනා පෙත්සම ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම රුපියල් 21,000 ක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියෝග කර තිබෙනවා.

එම අභියාචනා පෙත්සම අද (01) කැඳවූ අවස්ථාවේදී සංජීව මොරායස් සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෛත්‍රීපල සිරිසේන විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here