Homeවිචිත්‍ර​ පුවත්මොනවාද මේ අධිආරක්ෂිත කලාප ?

මොනවාද මේ අධිආරක්ෂිත කලාප ?

COLOMBO (News 1st) – රාජ්‍ය රහස් පණතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව මේ වනවිට සමාජයේ දැඩි අවධානයක් යොමු වී තිබේ.

 

1) පාර්ලිමේන්තු සංකීරණය

පොල්දූව මංසන්දියේ සිට කතානායක නිල නිවස, කුඹක්ගහදූව පාර, රජමල්වත්ත පාර, පර්ලිමේන්තු ක්‍රීඩාංගණය කිඹුලාවල හන්දිය දක්වා කොටස, මාදිවෙල මන්ත්‍රී නිවාස, පින්නියර හන්දියේ සිට බැද්දගාන හන්දිය දක්වා වන ප්‍රදේශ දියවන්නා ජලාශය ද ඇතුළුව අධිආරක්ෂිත කළාපයට අයත්.

2) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණ‍ය හා නීතිපති දෙපාර්තමේන්තුව

වේල්ල වීදිය පාර, අලුත්කඩේ වීදිය, සාංචි ආරච්චි වත්ත පාර, පාර්සල් වට රවුම, ශාන්ත සෙබස්තියන් පාර හා මිහිදු මාවත දක්වා වන කොටත් මෙම කලාපයට ඇතුළත් කර තිබේ.

3) ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය හා පොලිස් මූලස්ථානය

මෙම අධිආරක්ෂිත කලාපයට අයත් වන්නේ, චෛත්‍ය පාර දෙසින්, පොලිස් මූලස්ථානය දක්වා ප්‍රදේශය සහ බේරේ වැව, මෝගන් පාර, ජස්ටිස් අක්බාර් මාවත, බාලදක්ෂ මාවත, වෙරළ තීරයද ඇතුළත්ව ගාලු මුවදොර වටරවුම දක්වාවන ප්‍රදේශයයි.

4) අකුරගොඩ ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මුලස්ථානය

ආරක්ෂක අමාත්‍යාංශ මාවත, දියවන්නා උද්‍යාන මාවත, පාසල් මාවත, ඩී.ජී විජේසිංහ මාවත දක්වා වන කොටස් මෙම අධිආරක්ෂිත කලාපයට ඇතුළත් වේ.

5) ගුවන් හමුදා මූලස්ථානය

බේරේ වැව, චිත්තම්පලම් ඒ. ගාර්ඩ්න් මාවත, මෝගන් පාර, ජස්ටිස් අක්බාර් මාවත, දක්වා වන ප්‍රදේශ අදාළ කලාපයට අයත්.

6) අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය

මල් පාර, ඇතුළත මල් පාර, 5වන පටුමග, 27 වන පටුමග දක්වා වන ප්‍රදේශ මෙම අධිආරක්ෂිත කළාපයට ඇතුළත් ය.

7) අරලියගහ මන්දිරය

මෙම අධිආරක්ෂිත කලාපයට ඇතුළත් වන්නේ, ගාලු පාර රොටුන්ඩා හන්දියේ සිට පෙරහැර මාවත, අල්විස් හන්දිය දක්වාද, ධර්මපාල මාවත, කොල්ලුපිටිය දුම්රියපොළ මුහුදු තීරය, ලිබර්ටි වටරවුම, ගාලු පාරේ කොටස සහ කොල්ලුපිටිය හන්දිය දක්වා වන ප්‍රදේශයයි.

8) ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිවාස

බෞද්ධාලෝක මවත, තුම්මුල හන්දිය, සම්බුද්ධත්ව ජයන්ති මාවත හන්දිය, දක්වා වන ප්‍රදේශ මෙම අධිආරක්ෂිත කලාපයට ඇතුළත් ය.

ස්ටැමෝර් චන්ද්‍රවංකය, මැකෙන්සි පාර, පැජට් පාර හා මහගමසේකර මාවත ද මෙම ප්‍රදේශවයට අයත් ය.

අදාළ ප්‍රදේශ තුළ පිහිටි තානාපති මුක්තීන් හිමි ස්ථාන අධිආරක්ෂිත කලාපයට ඇතුළත් වන්නේ නැත.

මේ අධි ආරක්ෂිත කලාපවල තහනම් ක්‍රියා මොනවා ද?

පොලිස්පතිවරයාගේ හෝ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරායගේ පුර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම ප්‍රදේශවල කුමන ආකාරයක හෝ ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් නොකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here