රුසියානු සොල්දාදුවන් ග්‍රහණයේ සිටියදී යුක්රේන හමුදාව විසින් බේරා ගනු ලැබූ බව කියන ශ්‍රී ලාංකිකයින් 7 දෙනා නීතිවිරෝධිව යුරෝපයට සංක්‍රමණයවීමට උත්සාහ කළ පිරිසක් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසයි.
ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, උතුරු – නැගෙනහිර ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම පිරිස පසුගිය මාර්තු මාසයේදී රුසියානු හමුදා ග්‍රහණයට හසුව ඇති බවයි.
කෙසේ වෙතත් මේ වනවිට පිරිස යහපත් සෞඛ්‍ය තත්ත්වයනේ පසුවන බව ද රාජ්‍ය ආමත්‍යවරයා සඳහන් කළේ ය.
රුසියානු දේශසීමාව ආසන්නයේ කාර්කිව් ප්‍රදේශයේදී රුසියානු සොල්දාදුවන් විසින් අල්ලාගෙන වධ හිංසනයට ලක් කළ බව කියන ශ්‍රී ලාංකිකයන් 7 දෙනා පිළිබඳව බිහිසුණු තොරතුරු යුක්රේන මාධ්‍යවේදියෙක් ට්විටර් ඔස්සේ පළ කර තිබිණ.
එම ශ්‍රී ලාංකිකයින් පිරිස දැනට දැනට රඳවා සිටින්නේ යුක්රේන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකයි.
කාර්කිව් ප්‍රදේශයේ පොලිසියේ විමර්ශන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සර්ජි බොල්විනොව්, එක්සත් රාජධානියේ සිට වාර්තා කරන යුක්රේන මාධ්‍යවේදිනී මාරියා රොමෙනෙන්කෝට පවසා ඇත්තේ මෙම පිරිමි පුද්ගලයින් 6 දෙනාට සහ කාන්තාවට රැසියානු හමුදාව විසින් අමානුෂික ලෙස වධහිංසා කර ඇති බවයි.
රුසියානු සෙබළුන් ශ්‍රී ලාංකිකයන්ගෙන් කප්පම් ගැනීමට ද උත්සාහ කර ඇති අතර කාර්කිව් පොලිසිය යුද නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
වයස 20 ත් 40 ත් අතර වූ මෙම පුද්ගලයින් 7 දෙනාගෙන් වැඩිදෙනෙක් ශිෂයින් වන අතර ඔවුන් රුසියාවේ යුකේරන ආක්‍රමණයට සති තුනකට පෙර එරටට ගොස් ඇති බව වාර්තා වේ.
ආක්‍රමණයෙන් පසු මොවුන් නිවසක සැඟව සිට ඇති අතර කාර්කිව් ප්‍රදේශයේන් පලා යාමට උත්සහ කිරීමේදී රුසියානු සොල්දාදුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබිණ.
අනතුරුව යුක්රේන හමුදාව මෙම ප්‍රදේශය අත්පත් කරගැනීමෙන් පසු පිරිස මුදාගත් බවට වාර්තා විය.
මේ අතර යුක්රේන බලධාරීන් අදාළ කණ්ඩායමේ සාමජිකයින්ට සිය පවුල් සමග අදහස් හුවමාරු කර ගැනීමට ද අවස්ථාව ලබාදී තිබේ.