Homeවිචිත්‍ර​ පුවත්යුරේනි - කළණ රිදී තිරය කළඹන, Night Rider දැන් සිනමාහල් වලදී

යුරේනි – කළණ රිදී තිරය කළඹන, Night Rider දැන් සිනමාහල් වලදී

මෙරට සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිත නවතම ලාංකීය චිත්‍රපටය කසුන් චන්ද්‍රනාත් පතිරණ අධ්‍යක්ෂණය කළ නයිට් රයිඩර් (Night Rider) චිත්‍රපටය දැන් ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා.

Thriller ශානරයට අයත් වන මෙම සිනමා නිර්මාණය, ජූලි 22 වනදා සිට දිවයින පුරා තිරගත වීමට ආරම්භ කළා.

මෙය කසුන් චන්ද්‍රනාත් පතිරණගේ පළමු වෘතාන්ත – සිනමා අධ්‍යක්ෂණය වන අතර චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය නිරූපණය කරන්නේ කළණ ගුණසේකර හා යුරේනි නොෂිකා විසින්.

ඊට අමතරව ඩබ්ලිව්. ජයසිරි, බිමල් ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, දමයන්ති ෆොන්සේකා, තුමිඳු දොඩම්තැන්න, අරුණි මෙන්ඩිස් සහ ආනන්ද කුමාර උන්නැහේ වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් පිරිසක් නයිට් රයිඩර් (Night Rider) හි සෙසු චරිත සඳහා රංගන දායකත්වය ලබාදෙනවා.

මෙහි දර්ශන අතිබහුතරයක් රාත්‍රි කාලයේ සිදුවීම් මත ගොඩ නැඟී තිබෙන අතර චිත්‍රපටයේ තිර පිටපත දිවෙන්නේ ඒකාකාරී පැය 24ක් තුළ සිදුවන සිද්ධි දාමයක් ඔස්සේයි.

එම හේතුව නිසා දිගින් දිගටම රාත්‍රීන් ගණනාවක් පුරා චිත්‍රපටය රූපගත කරන්නට අධ්‍යක්ෂකවරයා ප්‍රමුඛ නිෂ්පාදන කණ්ඩායමට සිදු වී තිබෙනවා.

නයිට් රයිඩර් (Night Rider) යනු ’80 දශකයේ සිනමාව සහ එම සිනමා සංස්කෘතියට තමන් දක්වන ඇල්ම නිසාම සිදු කළ උත්සාහයක් බවයි අධ්‍යක්ෂක කසුන් පතිරණ පවසන්නේ.

චිත්‍රපටයේ කතා තේමාව ගොඩ නැඟෙන්නේ කොළඹ නගරයේ කුලී රථ රියදුරෙකුට මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාවක් වටායි.

එක්තරා රාත්‍රියකදී ඔහුගේ රථයට ගොඩවන මාධ්‍යවේදිනියක හා ඇය පසුපස හඹාගෙන එන දේශපාලන මැර කල්ලියක් නිසා මෙම කුලී රථ රියදුරා හට විවිධ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකට මුහුණ දීමට සිදුවනවා.

දේශපාලන මැරයින්ගෙන් පළා යමින්, මෙම අනතුරෙන් බේරීමට උත්සාහ දරන මාධ්‍යවේදිනිය සහ කුලී රථ රියදුරාගේ කතාව එතැන් සිට නයිට් රයිඩර් (Night Rider) හි දිග හැරෙනවා.

 

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here