Homeදේශපාලන පුවත්රජයේ සැණකෙළි හා සංදර්ශන පැවැත්වීමට නම් ඕනෑ තරම් මුදල් තියෙනවා - ජී.එල්.

රජයේ සැණකෙළි හා සංදර්ශන පැවැත්වීමට නම් ඕනෑ තරම් මුදල් තියෙනවා – ජී.එල්.

මැතිවරණය සඳහා මුදල් ලබාදීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට එරෙහිව සියලුම නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

මෙම මැතිවරණය සඳහා අවශ්‍ය සම්පූර්ණ මුදල රජයේ දවස් කිහිපය​ක වියදම බවත් රජයේ සැණකෙළි හා සංදර්ශන පැවැත්වීමට නම් ඕනෑ තරම් මුදල් ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

අද වන විට රට තුළ උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීමට නොහැකි බවත් මැතිවරණද නොමැති තත්ත්වයක් මත රට තුළ ආඥාදායකත්වයක් නිර්මාණය වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here