Homeදේශීය පුවත්රට රැකියාවලට යන අයට විශේෂ දැනුම්දීමක්

රට රැකියාවලට යන අයට විශේෂ දැනුම්දීමක්

මැලේසියාවේ නීතියට අනුව සංචාරක වීසා මගින් මැලේසියාවට ඇතුල් වූ පසුව කිසිදු අයුරකින් අදාළ වීසා රැකියා වීසා බවට මාරුකරගත නොහැකි බව විදේශ සේවා කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ ඒ අනුව මැලේසියාව තුළ රැකියාවල නිරතවීමේ අපේක්ෂාවෙන් සංචාරක වීසා ඔස්සේ විදෙස්ගතවීම නොකරන ලෙසටය.

මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයින් රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් ලබාගන්නා බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව එම කාර්යාංශය පවසයි.

මේ අතර කිසිදු අවස්ථාවක සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා විදේශ ගත නොවන ලෙසත් මෙවැනි වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට දන්වන ලෙසත් කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

විශේෂ විමර්ශන අංශය- දුරකථන අංකය 0112864241
ෆැක්ස් අංකය 0112864118
ඊමේල් ලිපිනය [email protected]

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here