මැතිවරණය ප්‍රමාද වන දිනයක් දිනයක් පසා ජනතාව එයට එරෙහිව පෙළගැසෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
අද (26) පැවති ජාතික ජන බලවේගයේ විරෝධතාවෙන් පසුව පැවති රැළිය අමතමින් ඔහු සඳහන් කළේ, මෙම සටන කෙක්කෙන් හෝ කොක්කෙන් දිනන බවයි.
රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව කෙටි කාලයක් තුළ පරාජයට පත් කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.