අද අලුයම කිසියම් පිරිසක් කළ පහරදීමකින් රාගම වෛද්‍ය පීඨයේ සිසුන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඉන් තිදෙනෙකු රාගම රෝහලේ සහ එක් අයෙකු මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
රාගම වෛද්‍ය පීඨයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන පිරිමි නේවාසිකාගාරයේ සිසුන් පිරිසක් එලෙස පහරකෑමට ලක්ව තිබේ.
පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.