රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක් දැනටමත් වැටුප් ගෙවීම සඳහා වෙන් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා කියා සිටින්නේ ඒ අනුව රාජ්‍ය සේවක වැටපු ජනවාරි 25 වැනි දා නියමිත පරිදි ගෙවීමට හැකි බවයි. විධායක නිලධාරීන්ගේ වැටුප ද එදිනම හෝ දිනක ප්‍රමාදයක් සහිතව ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරයි.
ජනවාරි මාසයේ රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 145ක් වන අතර රේගුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව දැනටමත් සිය මාසික ඉලක්ක ගත ආදායම රුපියල් බිලියන 10කින් පමණ අඩු වනු ඇතැයි පවසා තිබේ. ජනවාරි මස රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 625ක් ලෙස ගණන් බලා ඇති අතර නියමිත ආදායම හිමි වුවත් රුපියල් බිලියන 480ක් හිගයක් ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.