දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (23) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
ඒ අනුව අද උදෑසන 8.00 සිට 12.00 දක්වා සේවයෙන් බැහැරවෙන බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි සඳහන් කළේ.
ඖෂධ හිඟය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති අතර දිවයින පුරා රෝහල්වල උද්ඝෝෂණ සහ පාගමන් සංවිධානය කරන බවයි ටැම්පිටියේ සුගතානන්ද හිමි සඳහන් කළේ.