Homeවිදේශීය පුවත්ලංකාවේ අපරාධකරුවන් දෙදෙනෙක් තමිල්නාඩුවේදී අත්අඩංගුවට

ලංකාවේ අපරාධකරුවන් දෙදෙනෙක් තමිල්නාඩුවේදී අත්අඩංගුවට

මෙරට අපරාධ රැසකට චෝදනා ලැබ වරෙන්තු ලබා සිටි පුද්ගලයින් දෙදෙනෙක් ඉන්දියාවේ තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය අගෝස්තු 21 වනදා ශ්‍රී ලාංකිකයින් පිරිසක් අනවසරෙන් ඇතුළු වී ඇති බවට ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

වැඩිදුර සිදුකළ පරීක්ෂණවලදී ශ්‍රී ලංකාවේ අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දෙදෙනෙකු ද ඔවුන් අතර සිටින බවට අනාවරණය වී තිබේ.

ඔවුන්ගෙන් එක් අයෙක් චන්ද්‍රකුමාර් නැමැත්තෙකු වන අතර කිලිනොච්චි ප්‍රදේශයේ පුද්ගල ඝාතන, ස්වර්ණාභරණ අලෙවි සැල් කොල්ලකෑම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව සඳහන්ය.

අනෙක් පුද්ගලයා යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි කිරුපාකරන් නමැත්තෙකු බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා රාමනාදපුරන් හි අවතැන් කඳවුරක වාසය කර ඇති අතර මේ වන විට ඔවුන් අත්අඩංගුවට ගෙන චෙන්නාහි බන්ධනාගාරයක රඳවා ඇති බව සඳහන්ය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here