Homeවිදේශීය පුවත්ලොවපුරා කොරෝනා එන්නත් සාධාරණ ලෙස බෙදාහැරීමට G20 රටවල් එකඟ වෙයි

ලොවපුරා කොරෝනා එන්නත් සාධාරණ ලෙස බෙදාහැරීමට G20 රටවල් එකඟ වෙයි

ලොව පුරා සාධාරණ ලෙස කොරෝනා මර්දන එන්නත් බෙදාහැරීමට ජී20 රටවල් සිය එකඟතාවය පළ කළේය.

ඒ, ඉතාලියේ පැවැති ජී20 රටවල වෙළෙඳ අමාත්‍යවරුන්ගේ විශේෂ හමුවකදීය.

මේ වනවිට ලොව පුරා එන්නත් බිලියන 06ක් නිෂ්පාදනය කර එන්නත්කරණයට ලක්කර තිබේ.

සංවර්ධිත රටවල ජනගහණයෙන් සියයට 58කට අධික පිරිසක් එන්නත්කරණය කර ඇති නමුත් ඊට සාපේක්ෂව සංවර්ධනය වෙමින් පවතින රටවල සියයට 1.4 ක් පමණක් පූර්ණ එන්නත්කරණය කර ඇති බව සමුළුවේදි හෙළිවිය.

එම තත්ත්වයෙන් බැහැරව ලොව පුරා එන්නත් සාධාරණව බෙදා හැරීමටත් වසංගතයට දැඩි ප්‍රතිචාර දැක්වීමටත් ජී 20 රටවල වෙළෙඳ අමාත්‍යවරුන් මෙහිදි එකඟතාව ලබාදීම විශේෂත්වයකි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here