Homeවිදේශීය පුවත්ලොව පළමු වරට ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කරයි

ලොව පළමු වරට ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කරයි

ලොව පළමු වරට ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරකුගේ හදවතක් මිනිසකුට බද්ධ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් නමැති ඇමරිකානු ජාතිකයකුට එම බද්ධ කිරීම සිදු කර ඇති බවයි.

මෙම හදවත් බද්ධ කිරීම සිදු කරනු ලැබ ඇත්තේ, ඇමරිකාවේ මෙරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් විසිනි.

ඔවුන් පැවසුවේ දිගු කාලයක සිට මාරාන්තික හෘද රෝගයකින් පෙළුණු ‍මෙම රෝගියාට සිදු කළ අවසන් ප්‍රතිකර්මය ලෙස මෙම අත්හදා බැලීම සිදු කළ බවයි.

පැය 7 ක සැත්කමකින් පසුව ඔහු මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසු වන බව වෛද්‍යවරු පෙන්වා දෙති.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here