ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීම සඳහා මෙල්බන් නුවරට පැමිණ සිටින ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච්ගේ වීසා බලපත්‍රය අවලංගු කර තිබේ.
ඒ, ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ කොවිඩ් – 19 එන්නත් වාර්තා පිළිබඳව ඇති වූ ගැටලුවක් හේතුවෙනි.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම සංචාරකයන් පූර්ණ ලෙස කොවිඩ් 19 එන්නත් ලබා ගත් අය විය යුතු බවට නීතිගත කර තිබේ.
ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් පසුගිය වසරේදී පැවසුවේ කොවිඩ් එන්නත්කරණයට තමන් විරුද්ධ බවයි.
කෙසේ නමුත් ඔහු එම එන්නත් ලබා ගත් හෝ නොගත් බවක් මෙතෙක් වාර්තා වී නොමැත.
එවන් පසුබිමකදී එළැඹෙන ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීමේදී එරට පවතින කොවිඩ් එන්නත්කරණයට අදාළ නීතිවලින් ජොකොවිච් නිදහස් කිරීමට තරග පැවැත්වෙන ප්‍රදේශයට අදාළ පරිපාලනය පියවර ගෙන තිබූ අතර ඊට එරට වැසියන්ගේ මෙන්ම අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ද අප්‍රසාදය පළ විය.
නවතම විදෙස් වාර්තා පවසන්නේ ජොකොවිච්ගේ වීසා බලපත්‍රය අවලංගු කර ඇති අතර, ඔහු සහ කාර්ය මණ්ඩලය රටින් පිටුවහල් කරන බවට ඔස්ට්‍රේලියා දේශ සීමා බලකාය පැවසූ බවයි.
කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ කොවිඩ් 19 එන්නත් ලබා නොගැනීමට අදාළව වෛද්‍ය නිදහස් කිරීමේ අවසර ලබා දෙන වීසා බලපත්‍රයක් ඉල්ලා නොතිබීම ඊට හේතු ලෙස සඳහන් ය.
ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලිය ලබන 17 වැනිදා මෙල්බන්හිදී ආරම්භ වීමට නියමිත අතර, ජොකොවිච් පසුගිය වසරේදී ඇතුළු අවස්ථා 9කදී එහි පිරිමි කේවල ශූරතා දිනා සිටී.