Homeවිචිත්‍ර​ පුවත්ලෝකයේ ලොකුම රන් මාළුවා

ලෝකයේ ලොකුම රන් මාළුවා

ලොව විශාලතම “ගෝල්ඩ් ෆිෂ්” වර්ගයේ මත්ස්‍යයෙකු හමුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සුවිශේෂී සිදුවීම වාර්තා වන්නේ ප්‍රංශයෙන්.

ප්‍රංශයේ Bluewater විලේ මත්ස්‍යන් අල්ලමින් සිටියදී ඔහුට මෙම විශාල “ගෝල්ඩ් ෆිෂ්” වර්ගයේ මත්ස්‍යයා හමුව තිබේ.

මෙම යෝධ “ගෝල්ඩ් ෆිෂ්” මත්ස්‍යයා ‘The Carrot’ ලෙස නම් කර ඇත.

මෙම මත්ස්‍යයාගේ බර කිලෝග්‍රෑම් 30කට ආසන්න බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට පෙර ලොව වාර්තා වූ විශාලතම “ගෝල්ඩ් ෆිෂ්” මත්ස්‍යයා හමුව තිබුණේ 2019 වර්ෂයේදී අමෙරිකාවෙනි.

ප්‍රංශයෙන් හමුව ඇති මෙම මත්ස්‍යයා අමෙරිකාවෙන් හමුව තිබූ මත්ස්‍යයාට වඩා කිලෝ 13කට වැඩි බරකින් යුක්තය.

42 හැවිරිදි වියේ පසුවන බ්‍රිතාන්‍ය ජාතික මත්ස්‍ය අල්ලන්නෙකුට මෙම මත්ස්‍යයා හමුව ඇත.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here