Homeව්‍යාපාරික පුවත්ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 80ටත් වඩා අඩුවෙයි

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 80ටත් වඩා අඩුවෙයි

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 80 කටත් වඩා පහතට වැටි ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මෙරට වේලාවෙන් අද පෙරවරු 8.00 වන විට වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 78.74ක් දක්වා 5.69%කින් පහත වැටී තිබුණි. එසේම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.15ක් දක්වා 4.76%කින් පහත වැටී තිබුණි.

මෙහිදී මූලිකවම යුරෝපය තුළ ආර්ථික වර්ධන වේගයේ මන්දගාමී වීම සහ ආර්ථික කටයුතුවල පසුබැසීම මෙලෙස බොරතෙල් මිල පහත වැටීමට හේතුව වී තිබේ. ඒ අතරතුරදීම පිට පිට තෙවැනි වතාවටත් එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුව සිය පොළී අනුපාත 0.75%කින් (පදනම් අංක 75කින්) ඉහළ දැමීමට පියවර ගැනීමත් සමගින්ම ඉන්ධනමිල ගණන් පහත වැටීමක් සිදුව තිබේ.

එසේම බ්‍රිතාන්‍ය මහ බැංකුවත් සිය පොළී අනුපත පදනම් අංක 50කින් ඉහළ නංවමින් 2.25%ක් දක්වා ඉහළ දැමිම සිදුවිය. 2008 ආර්ථික අර්බුදයෙන් පසුව බ්‍රිතාන්‍ය තුළ පොළී අනුපාත ඉහළ ගිය වැඩිම අගය ලෙසින්ද මෙය සැලකෙයි.

මෙම සතිය මැදදී ඉහළ යාමක් සිදු වූ බොරතෙල් මිල මෙලෙස සති අන්තයේදී මෙලෙස පහත වැටීමත් කැපී පෙනෙන අවස්ථාවක් වී තිබේ. පසුගිය සැප්තැම්බර් 22 වැනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයකමිල ඩොලර් 92.73ක් බවට පත් වූ අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයකමිල ඩොලර් 84.47ක් බවට පත්විය.

එහිදී මූලිකවම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් යුක්රේනයට එරෙහි සටන සඳහා සිය යුද සෙබලු සංචිතයෙන් ලක්ෂ 3ක පිරිසක් අනුයුක්ත කිරීමට තීරණය කිරීම මෙම මිල ඉහළ යාම සඳහා හේතු විය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here