නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටළු කිහිපයකට එරෙහිව වරාය සේවකයන් හෙට (13) උදෑසන 7.00 සිට පැය 48 ක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ පවසනවා.
ඒ අනුව මේ සඳහා විසඳුමක් නොලැබුනහොත් 15 වනදා උදෑසන 7.00 සිට පැය 24 ක කාලයක් වරාය සේවකයන් වැඩ වර්ජනයකට එක්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.