Homeවිචිත්‍ර​ පුවත්වසර 39 කට පසු 44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරන...

වසර 39 කට පසු 44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරන ලාංකේය චිත්‍රපටිය

ලොව පැරණිම අන්තර්ජාතික සිනමා උළෙලක් වන රුසියාවේ මොස්කව්හි පැවැත්වෙන ‘මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල’ (MIFF ) දැනට ලොව පවත්වනු ලබන අන්තර්ජාතික සිනමා උළෙල අතර ප්‍රධාන වශයෙන් කැපී පෙනෙන සිනමා උළෙලක් වනවා.

වසර 39 කට පසු 44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ ( MIFF) තරඟකාරී අංශ නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලාංකේය චිත්‍රපටියක් සුදුසුකම් ලබා ති‌බෙනවා.

අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත 44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලෙහි තරඟකාරී අංශ නියෝජනය කිරීමට අනුර ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ D & D Films වෙනුවෙන් ඉන්ද්‍රජිත් සිල්වා විසින් නිෂ්පාදන කළ ‘මාරියා’ වෘත්තාන්ත සිංහල චිත්‍ර පටය සුදුසුකම් ලබා තිබෙනවා.

තවද ‘මාරියා’ චිත්‍රපටයේ අන්තරජාතික මංගල දැක්ම ද එම සිනමා උළෙලේදීම සිදු කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බවයි මේ වන විට නිල වශයෙන් දැනුම් දී ඇත්තේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here