Homeදේශපාලන පුවත්ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කරයි

ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කරයි

විශාල සේවක පිරිසක් සහිතව දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව අනුව අමාත්‍ය මණ්ඩලය විසින් එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන එච්.ටී. කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව ජනාධිපතිවරයා විසින් පත්කර තිබූ අතර එම කමිටුවේ නිර්දේශ මත ව්‍යාපෘති කාර්යාල 32ක් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එසේම ව්‍යාපෘති කාර්යාල 46ක් අවම සේවක පිරිසක් යටතේ පවත්වාගෙන යෑමටත් අදාළ කමිටු වාර්තාව මගින් නිර්දේශ කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කැබිනට් මණ්ඩලයේ දී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වූ බවත් එහිදී අමාත්‍යවරුන්ගේ ඉල්ලීම මත තව දුරටත් මෙම කාර්යාල 55ම වසා දමන්නේ ද යන අවසන් තීරණය ඉදිරියේදී ගැනීමටත් ජනාධිපතිවරයා එකඟත්වය පළ කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

news images

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here