Homeදේශපාලන පුවත්විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කෙරෙන්නේ මෙහෙමයි

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කෙරෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා අද (23) ජාත්‍යන්තර ණයහිමියන් සමග ආරම්භ කිරීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟවී ඇති ඩොලර් බිලියන 2.9 නිදහස් කරගැනීම සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අවසාන අනුමැතිය ලබාගැනීම සඳහා සහ අනෙකුත් මූල්‍ය සැපයුම්කරුවන්ගෙන් සහාය ලබාගැනීම සඳහා බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය වැදගත් වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගන්නා විස්තීර්ණ මූල්‍ය පහසුකමේ අරමුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයේ මීළඟ පියවරයන් ද මෙරට මුදල් අමාත්‍යංශයේ සහ අනෙකුත් නිලධාරීන් අදාළ පාර්ශ්ව සමග මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අදහස් හුවමාරු කරගැනීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම විස්තීර්ණ මූල්‍ය පහසුකම සැපයීම සම්බන්ධයෙන් මූලික එකඟතාවය සැප්තැම්බර් 01 වනදා ලබාදුන්නේය.

ණයහිමියන් ට ඉදිරිපත්කළ සැලසුම් සම්බන්ධයෙන් තොරතුරු අදාළ සාකච්ඡාවලින් අනතුරුව ජනගත කිරීමට නියමිත බව සඳහන් ය.

ශ්‍රී ලංකා බලධාරීන් මේ වනවිටත් ඉන්දියාව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති අතර කොළඹ සිටින විදෙස් තානාපති නිලධාරීන්ටද ඒ ශ්‍රී ලංකාව මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනුවත් කෙරිණි.

විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් දෙසැම්බර් මාසය වනවිට එකඟතාවයකට පැමිණීමට හැකිවෙතැයි ශ්‍රී ලංකා බලධාරීන් පවසයි.

මුදල් අමාත්‍යංශය පැවසුවේ, ශ්‍රී ලංකාව ගෙවිය යුතු විදෙස් මූල්‍ය ණය ඩොලර් බිලියන 47.3ක් වන බවත් රුපියල් ණය ප්‍රමාණයේ වටිනාකම ඩොලර් බිලියන 53.6 බවත් ය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ණයහිමියන් තිදෙනා වන්නේ චීනය, ජපානය සහ ඉන්දියාව ය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here