Homeදේශීය පුවත්විදේශ සංචිත වත්කම් සෘණ තත්ත්වයේ

විදේශ සංචිත වත්කම් සෘණ තත්ත්වයේ

මෑත ඉතිහාසය තුළ ප්‍රථම වරට ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ඝෘණ අගයක් ගෙන තිබේ.

පසුගිය අගොස්තු අග වන විට මහබැංකු සතු ශුද්ධ විදේශ වත්කම් සෘණ රුපියල් බිලියන 83.9 ක අගයක් ගෙන තිබිණ.

එම අගය ඇමරිකානු ඩොලර් මිලියන 400 කි.

මහබැංකු සතු ශුද්ධ විදේශ වත්කම් මෙලෙස පසුගිය මාස කිහිපය තුළ අඩුවෙමින් පැවතිණ.

අගෝස්තු අවසානයේ වාර්තා කළ එම අගය ජනවාරී මාසයේ අගය හා සැසදීමේ දී විශාල අඩු වීමකි.

ජනවාරී මාසයේ එම වත්කම සඳහන් වූයේ ඇමරිකානූ ඩොලර් බිලියන 2.1 ක් ලෙසයි.

එමෙන්ම මෙරට සමස්ත බැංකු පද්ධතිය සතු ශුද්ධ විදේශ වත්කම් තත්ත්වය ද තවදුරටත් අගොස්තු මාසයේ පිරිහී ගියේ ය.

මේ තත්ත්වය පිළිබඳව අද මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රශ්න කෙරිණ.

මහ බැංකුව අගෝස්තු මාසයේ දී සෘණ බිලියන 83.9 ක ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයක් වාර්තා වීම සිදු වූයේ පළමු වතාවට දැයි මෙහිදී මාධ්‍යවේදිනියක විමසා සිටියා ය.

ඊට මහබැංකු අධිපතිවරයා මෙලෙස පිළිතුරු දුන්නේ ය.

”අපි එක් පරීක්ෂා කළා. නිදහසෙන් පසු පසුගිය අවුරුදු 15ක කාලය තුළ ශුද්ධ විදේශ වත්කම් සෘණ අගයක් ගත්ත අවස්ථා කිහිපයක් තිබුණා. නමුත් මේ දේ තාවකාලිකයි. එක ගනුදෙනුවකින් මේ අගය වෙනස් වෙන්න පුළුවන්. අපිට එක මුදල් ගනුදෙනුවක් ලබන සතියේ කරන්න පුළුවන් මේ තත්ත්වය වෙනස් වෙන විදහට”

නියෝජ්‍ය මහබැංකු අධිපති කේ.එම්. එම් සිරිවර්ධන මහතා ද එහිදී මෙලෙස අදහස් පළ කළේ ය.

”විදේශ වත්කම් සෘණ වෙලා තියෙන්නේ පළවෙනි වතාව නෙවේ.. මින් ඉතිහාසයේත් සෑහෙන අවස්ථා තිබිලා තියෙනවා. සමහර අවුරුදුවල ඒක දිගටම තිබිලා තියෙනවා. සෘණ. ඒත් එක්කම ඒක තාවකාලික සිද්ධියක්. අපි දැන් විදේශ විනිමය රටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. එක සොෆ්ට් ට්‍රාන්ස්ට්‍රැක්ෂන් එකක් කිරිම තුළින් වුණත් ඒ තත්ත්වය එක විදිහටම අනිත් පැත්තට පෙරළෙන්න පුළුවන්. ඒ නිසා මේක තාවකාලික තත්ත්වයක් නිසා කළබල විය යුතු නැහැ. මහ බැංකුව දැනටත් ඒක නිවැරදි කිරීමට සහ ඉදිරියේ දී තව වැඩි කිරීමට කටයුතු කරගෙන යනවා. මම මතක් කරන්න ඕනි අපේ සය මාසික දැක්මෙත් අපි ඒක කියලා තියෙනවා. මහබැංකුවේ ශේෂ පත්‍රය ශක්තිමත් කිරීමට අපි දිගටම කටයුතු කරගෙන යනවා කියලා”

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here