රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දිනයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා නියමිත පරිදි ගෙවීමට හැකි බවත්, විධායක නිලධාරීන්ගේ වැටුප එදිනම හෝ ඊට පසුදා ගෙවීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක් දැනටමත් වැටුප් ගෙවීම සඳහා වෙන් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ජනවාරි මාසයේ රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 145ක් වන අතර රේගුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව දැනටමත් සිය මාසික ඉලක්ක ගත ආදායම රුපියල් බිලියන 10කින් පමණ අඩු වනු ඇති බවට ප්‍රකාශ කර ඇති බවත්, ජනවාරි මස රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 625ක් ලෙස ගණන් බලා ඇති අතර නියමිත ආදායම හිමි වුවත් රුපියල් බිලියන 480ක් හිඟයක් ඇති බවද වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළා.