Homeදේශපාලන පුවත්විපක්ෂ නායක ඇතුළු නියෝජිතයින් පිරිසක් කතානායක හමුවෙයි

විපක්ෂ නායක ඇතුළු නියෝජිතයින් පිරිසක් කතානායක හමුවෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ මුදල් වෙන් කරගැනීම ඇතුළු විශේෂ කරුණු තුනක් මුල්කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද (28) පෙරවරුවේ කතානායකවරයා හමුවී තිබෙනවා.

එහිදී 2023 අයවැයෙන් මැතිවරණ පැවැත්වීම සදහා වෙන්කර ඇති  මුදල් පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට නිදහස් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට යෝජනා කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව කතානායකවරයා ද ඊට සිය එකඟතාවය පළ කර තිබෙනවා. පාර්ලිමේන්තුව සතු බලය හෑල්ලු කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත්, කතානායකවරයා මේ තත්ත්වය වෙනස් කිරීමේ බලය සතු නියෝජිතයා බවත් එම සාකච්ඡාවට සහභාගී වූ මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කර තිබෙනවා

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here