Homeදේශීය පුවත්විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන විශේෂ නිවේදනයක්

විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන විශේෂ නිවේදනයක්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු නිකුත් කිරීම හැකි ඉක්මනින් සිදුකරන බව අද (25) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යපාන අමාත්‍යවරයා පැවසුවේ කඩඉම් ලකුණු ඉදිරි සති 3 ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත.

“2023 වසරේදී අපි උත්සාහ කරනවා බොහෝදුරට නිවාඩු කාලය අඩුකරලා පාසල් කාලය වැඩිකරලා විෂය නිර්දේශය ඒ වර්ෂය තුළදී බොහෝදුරට අවසන් කරගන්න, එහෙම වුනොත් අපිට සාමාන්‍ය පෙළ උසස්පෙළ විභාග ඒ නිශ්චිත කාලසීමාවන්වලට ඉදිරියට ගන්න පුළුවන්කම තියේවී දැන් කඩඉම් ලකුණු තව සති දෙක තුනක් ඇතුළත ලබාදෙන්න කටයුතු කරනවා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා, ඒ වගේම පාසල් උපකරණ පිළිබඳව ලබන සඳුදාට මම අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කරලා තියෙනවා. සෙස් බද්ද ඉවත්කරගැනීම සඳහා පාසල් උපකරණ සම්බන්ධයෙන්.”

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here