අධික වේගයෙන් ධාවනය වු කැබ් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ත්‍රිරෝද රථයක සහ මොටර් රථයක ගැටීමෙන් තිදෙනෙක් තුවාල ලබා තිබේ.
ඊයේ (25) සවස 6.30ට පමණ එම අනතුර සිදු වී ඇත්තේ ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේදීය.
අනතුරින් මොටර් රථයේ ගමන් ගත් දෙදෙනෙකු සහ කැබ් රථයේ රියදුරු බරපතළ ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වු කැබ් රථයේ වේගය පාලනය කරගත නොහැකිව නාවලපිටිය සිට ගිනිගත්හේන දෙසට ධාවනය වු ත්‍රිරෝද රථයේ මුලින්ම ගැටි ඊට පසුපසින් එම දිශාවටම ධාවනය වු මොටර් රථයේ ගැටිමෙන් අනතුරුව ත්‍රිරෝද රථ සහ කැබ් රථය වෙල්යායට පෙරළී ඇත.
අනතුරෙන් පසු කැබ් රථයේ රියදුරා එම ස්ථානයෙන් පළා ගොස් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ප්‍රතිකාර ලබාගැනිම සඳහා ඇතුළත් වී ඇති බවත්, සෙසු තුවාලකරුවන් අඹගමුව ප්‍රදේශවාසින් එක්ව රෝහල්ගත කර ඇති බව අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන ගිනිගත්හේන පොලීසිය කියා සිටියේය.
අනතුරෙන් වාහන තුනටම දැඩි අලාභ හානි සිදු වී ඇත.