ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (06) පැවැත්වේ.
ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසුවේ, අද කණ්ඩායම තරගය සඳහා යහපත් මානසික තත්ත්වයක පසුවන බවයි.
මේ අතර චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වා අද කණ්ඩායමට කැඳවීමට ඇතැම් විට ඉඩ ඇති බවත්, ඒ පිළිබඳව නිශ්චිත තීරණයකට එළැඹ නොමැති බවත් ඊයේ(05) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා නායකයා සඳහන් කළේ ය.
සුපිරි සිව්දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව මේ වනවිට පෙරමුණේ පසුවේ.
තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ඩුබායි හී දී ආරම්භ වීමට නියමිතය.