Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් දකුණු අප්‍රිකානු 20-20 ලීග් තරගාවලියට

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් දකුණු අප්‍රිකානු 20-20 ලීග් තරගාවලියට

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලීග් තරගාවලිය වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයක් දෙදෙනෙකු කණ්ඩායම් දෙකක් විසින් මිලදී ගෙන තිබේ.

ඒ, දිල්ෂාන් මධුසංක සහ කුසල් මෙන්ඩිස්වයි.

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලීග් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (19) පැවැත්වුණේ කේප් ටවුන් නගරයේදීය.

දකුණු අප්‍රිකා විස්සයි විස්ස ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් තරග වදින අතර ඒ කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම ඊයේ සිදුකළේය.

වෙන්දේසියට ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුසංක, මතීෂ පතිරණ ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අතරින් පිටෝරියා කැපිටල්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව ලක්ෂ 85කට ආසන්න මුදලකට මිලදී ගෙන තිබේ.

දිල්ෂාන් මධුසංකව ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 56කට ආසන්න මුදලකට මිලදී ගත්තේ ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසිනි.

මේ අතර ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ ජොහැන්නස්බරග් කිංග්ස් කණ්ඩායම විසින් රඳවාගෙන තිබේ.

එම ක්‍රීඩක වෙන්දේසීයේදී වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා වන්නේ දකුණු අප්‍රිකා ක්‍රීඩක ට්‍රිස්ටන් ස්ටබ්ස් ය.

ඔහුව සන්රයිසර්ස් ඊස්ටන් කේප් කණ්ඩායම මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් ලක්ෂ 5කට අධික මිලකටය.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ විස්සයි විස්ස නායක ටෙම්බා බව්මා සහ ටෙස්ට් නායක ඩීන් එල්ගාර් කිසිම කණ්ඩායමක් මිලදී ගැනීමට ඉදිරිපත් නොවීම විශේෂත්වයකි.

දකුණු අප්‍රිකා ලීග් තරගාවලිය එළඹෙන වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිතය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here