Homeව්‍යාපාරික පුවත්ශ්‍රී ලකාවේ තේ කර්මාන්තයේ ප්‍රගමනයට පියවර රැසක්!

ශ්‍රී ලකාවේ තේ කර්මාන්තයේ ප්‍රගමනයට පියවර රැසක්!

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ප්‍රගමනය සහ එම ක්ෂේත්‍රයට වර්තමානයේදී බලලා තිබෙන විවිධ ගැටලු ගැන පැහැදිලි කරනු ලබන මාධ්‍ය සාකච්ඡාව් පසුගියදා කොළඹ, කොල්ලුපිටිය ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රධාන මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් කරුණු පැහැදිලි කෙරුණේ දිනෙන් දිනම කඩාවැටෙන ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ අර්බුදයයි. පසුගිය 2022 වසරේ ඔක්තෝබර් මාසයේදී ප්‍රථම වතාවට වසර 27කට පසුව තේ කර්මාන්තයේ නිෂ්පාදනය ඉතා දරණු ලෙස පහත බැස තිබිණි. එනම් 2019 වසරේදී සිදුකෙරුණු තේ කිලෝ මිලියන 300ක නිෂ්පාදනය 2022 වසරේදී තේ කිලෝ මිලියන 251 දක්වා පහත වැටී තිබිණි.

මෙම කඩාවැටීමට ප්‍රධාන ලෙසම හේතු වූයේ කොවිඩ් වසංගත තත්ත්වයයි. පසුකාලීනව ආර්ථික අර්බුදයද එයට බලපෑවේය. එහෙත් මෙම 2023 මැයි මාසය අවසාන වන විට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 111ක් දක්වා සිදකර ඇති අතර, මෙම වසරේ ඉදිරි මාස 07 ඇතුළත තවත් නිෂ්පාදන උපරිම අයුරින් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි. දැන් තේ කර්මාන්තයේ යම් ප්‍රවණතාවක් තිබෙන බවද ඔවුන් අවධාරණය කරයි.

දැනට ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ලක්ෂ 06ක පමණ සේවක සංඛ්‍යාවක් නිරතව සිටිති. මොවුන්ට ස්ථිර වැටුප් සහ අනෙකුත් බොහෝ පහසුකම් මේ වනවිට ලබාදී ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපත නිරාජ් ද මැල් මහතා ප්‍රකාශ කර සිටියේය. ස්ථිර වැටුප්, ගෙවන නිවාඩු, පැමිණීමේ දීමනා, ලාභාංශ දීමනා, බෝනස් දීනා, ඊ.ටී.එෆ්./ඊ.පී.එෆ්. මෙන්ම නොමිලේ නිවාස, නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර, නොමිලේ ඖෂධ වර්ග දරුවන් සඳහා කිරිපිටි මෙන්ම පෝෂ්‍යදායී ආහාර වර්ගද ලබාදීමට කටයුතු කර ඇතැයි තේ මණ්ඩලය අවධාරණය කරයි.

මෙවැනි පහසුම් රැසක් සේවකයන් වෙත ලබාදී තිබියදීත් සමහර පාර්ශ්වවල වැරැදි නිගමනයන් මත සමහර මාධ්‍ය සාවද්‍ය පුවත් පළකරන බවද තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතා ප්‍රකාශ කළේය.

මෙම පුවත් සාකච්ඡාව සඳහා විශේෂ සහභාගිත්වයක් දක්වමින් වත්මන් වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාද පැමිණ සිටියේය.

ප්‍රියන්ත හෙට්ටිගේ

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here