චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ තෙවන ධුර කාලයේදී චීනය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය වී, දෙරටේම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අනාගතයක් නිර්මාණය වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ෂී ජින් පිංගේ පළපුරුදු නායකත්වය හමුවේ, චීනය බොහෝ අභියෝග ජයගෙන දැවැන්ත දියුණුවකට එළඹ ඇති බවයි සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
ඔහුගේ තෙවන ධුර කාලය තුළ නිසැකයෙන්ම චීනයට නවමු දර්ශනයකට මඟ විවෘත කරනු ඇති බවට ද විශ්වාසය පළ කරයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,