විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගියදා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
පසුගියදා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් විසින් විදුලි බිල වැඩි කිරීමට පක්ෂව කරුණු දැක්වීම හේතුවෙන් සංජීව ධම්මික සහ ආනන්ද පාලිත සිය විරෝධය පළ කරමින් කටයුතු කර තිබුණා.