ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගය ප්‍රමුඛ සන්ධානයක් හරහා ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
ඊයේ (08) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සමගි ජනබලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණි.
එහිදී කිසිදු කරුණක් සම්බන්ධයෙන් රජය සමඟ එක්ව කටයුතු කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොකිරීමට පක්ෂය තීරණය කළ බව නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.
“සන්ධානයේ ජනාධිපතිධූර අපේක්ෂකයා විදියට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන්නත් ඒ වගේම එම සන්ධානයේ නායකත්වය සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක වන ලෙසටත් අපි තීරණය කළා.”
සමගි ජනබලවේගය පක්ෂයේ හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, ඩයනා ගමගේ සහ ඒ.එච්.එම් ෆවුසි යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ.
ඒ. එච්. එම්. ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.