ලාංකීය සිනමාවට එක්වන නවතම සිනමාපටයක් වන තංගමලේ ඩයරීස් (Thangamale Diaries) හි නිල වෙබ් අඩවිය මුදා හැරීම සහ ඒ ගැන ප්‍රේක්ෂකයින්ව දැනුම්වත් කිරීම පසුගියදා සිදුවුණා.
නුදුරේදීම රූගත කිරීම් ඇරඹීමට නියමිත මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මෙරට ප්‍රසිද්ධ සිංහල දේශකවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල විසින්.
මෙය ඔහුගේ පළමු වෘතාන්ත සිනමාපට අධ්‍යක්ෂණය වීමද විශේෂත්වයක්.
ලංකාවේ තංගමලේ ප්‍රදේශයේ ඉපදී හැදී වැඩී පසුව කොළඹ අගනගරයට සංක්‍රමණය වන බාසි නම් චරිතය, YouTuber කෙනෙකු වශයෙන් පනස් වසරකට පසුව නැවත සිය උපන්ගමට යෑමත්, ඒ සමඟ ගමෙ හි උද්ගත වන ගැටුම් දාමයත් “තංගමලේ ඩයරීස්” චිත්‍රපටයෙන් දිග හැරෙනවා.