Homeවිදේශීය පුවත්සමරිසි ක්‍රියාවලට ජනපතිගෙන් දැඩි තීරණයක්

සමරිසි ක්‍රියාවලට ජනපතිගෙන් දැඩි තීරණයක්

සමරිසි ක්‍රියා සඳහා මරණීය දණ්ඩනය ලබාදෙන නීතියකට උගන්ඩා ජනාධිපති යොවේරි මුසවේණි අත්සන් තබා තිබේ.

අදාළ යෝජනාව පසුගිය මාර්තු මාසයේදී එරට පාර්ලිමේන්තුව මඟින් සම්මත කර තිබුණි.

එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 389න් දෙදෙනෙකු හැර සෙසු සියලුදෙනා යෝජනාවට කැමැත්ත පළකර තිබුණි.

ඒ අනුව ඇතැම් සමරිසි ක්‍රියා සඳහා මරණීය දණ්ඩනය ද සමරිසි ක්‍රියාකාරකම් සඳහා බඳවා ගැනීම ප්‍රවර්ධනය සහ අරමුදල් සැපයීම සඳහා වසර 20ක් දක්වා සිරදඬුවමක් ද ලබා දීමට නියමිතය.

මෙම නීතියට විරෝධය පළකරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ කොමිසම ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ රටවල් රැසක් අදහස් පළකර තිබුණි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here