Homeදේශීය පුවත්සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවයි

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවයි

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අද (08) දිනයේ සිට අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ලබන 20 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම සිදු කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව www.doenets.lk විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසිමෙන් ඒ සඳහා අයදුම් කිරිමේ හැකියාව පවතී.

මේ අතර 2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 18 වන ඉරිදා දිනයේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,894කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here