Homeදේශීය පුවත්සියලුම පාසල්වල ප්‍රාථමික අංශ ඇරඹේ

සියලුම පාසල්වල ප්‍රාථමික අංශ ඇරඹේ

දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ අද (25) සිට යළි අධ්‍යන කටයුතු සඳහා ආරම්භ විය.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, නිල ඇඳුම් සපයා ගැනීමේ දුෂ්කරතාවයක් පවතී නම් සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණිමේ අවස්ථාව සිසු දරුවන්ට හිමිවන බවයි.

පවතින තත්ත්වයන් මත සිසු දරුවන්ට නිල ඇඳුම් සහ පාසල් උපකරණ සපයා ගැනීමේ දුෂ්කරතා පවතින නමුත්, වඩා වැදගත් වන්නේ සිසුන් පාසල්වලට පැමිණිම බව, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ ක‍ළේ ය.

මේ අතර, පාසල් සිසුන් සම්බන්ධයෙන් අද සිට විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ දෙමව්පියන් ඇතුළු බලධාරින්ට දැනුම් දෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ, දරුවන් උණ හෝ යම් කිසි රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් අද පාසල වෙත එවීමෙන් වළකින ලෙසයි.

මේ අතර පාසල් ආරම්භ කිරීමෙන් පසු දරුවන්ගේ සෞඛ්‍ය පුරුදු පිළිබඳව දෙමාපියන් හා ගුරුවරුන් දැඩි අවධානයෙන් සිටිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළා ය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here