Homeදේශපාලන පුවත්සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණි ගුරුවරියන්ට විනය ක්‍රියාමාර්ග?

සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණි ගුරුවරියන්ට විනය ක්‍රියාමාර්ග?

සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණි ගුරුවරියන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා.

“මම හිතන්නේ අධ්‍යාපන ඇමතිතුමා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මොකද ඕන ඕන විදියට පාසල් පද්ධතියේ ඒ සංස්කෘතිය ඒ සදාචාරයන් සහ ඒ පැවැත්ම වෙනස්කරන්න දියයුතු නෑ. ඒ නිසා ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය අනිවාර්යයෙන්ම විනය ක්‍රියාමාර්ග ගතයුතුව තිබෙනවා. ඒ පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා.

“අපේ රටේ සංස්කෘතිය විනාශ කරන්න නොයෙකුත් බලවේග ක්‍රියාත්මක වෙනවා. එක බලවේගයක් තමයි ඔය කියන්නේ සංස්කෘතිය විනාශ කරන්න කියලා. සංස්කෘතික හෝදාපාළුව හරහා රටක් විනාශ කරන්න හරි පහසුයි. ඉතින් ඒක නිසා උද්ඝෝෂණයේ කෑ ගහන වෘත්තීය සමිති නායකයින්ට අපි කියනවා. ඉස්සරවෙලා රටේ සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා ඉගෙනගෙන ඉවරවෙලා ඊට පස්සේ ඔය වෘත්තීය සමිති කටයුතු කරන්න කියලා. “

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here