Homeක්‍රීඩා පුවත්සුපිරි ප්‍රහාරකයාට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමිවෙයි

සුපිරි ප්‍රහාරකයාට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමිවෙයි

ලෝක T 20 පිටියේ ප්‍රබලම ප්‍රහාරකයා ලෙස සැලකෙන ඇන්ඩෘ රසල්ට ලබන මස ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය අහිමිව තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම නම්කර ඇති අතර ලකුණු අතර නොසිටීම හේතුවෙන් ඇන්ඩෘ රසල්ට සිය ස්ථානය අහිමිව ඇත.

එසේම ශාරීරික යෝග්‍යතා ගැටළු හේතුවෙන් කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටි අර්වින් ලුවිස් ද මෙවර ලෝක කුසලානය සඳහා කැඳවා තිබීම විශේෂත්වයකි.

ඔහු අවසන් වරට ක්‍රීඩා කළේ 2021 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here