Homeවිචිත්‍ර​ පුවත්සුරූපි නිළි ෂර්මාගේ සියදිවි නසා ගැනීමට පෙම්වතා අත්අඩංගුවට

සුරූපි නිළි ෂර්මාගේ සියදිවි නසා ගැනීමට පෙම්වතා අත්අඩංගුවට

ප්‍රසිද්ධ ඉන්දීය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වන ටුනීෂා ෂර්මා සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් රංගන ශිල්පියෙකු වන ෂීසාන් ඛාන් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත්තේ ෂීසාන් ඛාන්, ටුනීෂා ෂර්මාගේ පෙම්වතා බවට තොරතුරු වාර්තා වන බවය.

ඇය ඊයේ (24) මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුකළ රූගත කිරීමකට සහභාගි වී සිටින අතරතුර සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

අදාළ රූපගත කිරීම් සඳහා ෂීසාන් කාන් ද සහභාගීව සිටි බවත් ඇය මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ, ඔහුගේ වේශ නිරූපණ කාමරයේ දී බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට දින 15කට පමණ පෙර ටුනීෂා ෂර්මා සමග තිබූ ප්‍රේම සම්බන්ධතාවය ෂීසාන් ඛාන් විසින් නවතා දමා ඇති බවත් ඒ හේතුවෙන් ඇය මහත් කනස්සල්ලෙන් සහ ආතතියෙන් සිට ඇති බවත් පොලිස් වාර්තා අනුව හෙළි වී ඇත.

එමෙන්ම ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඇයගේ මරණ පරීක්ෂණය අද (25) මුම්බායි හි පිහිටි රෝහලකදී සිදුකර ඇති බවත් ඒ අනුව ඇය මිය ගොස් ඇත්තේ ගෙල සිරවීමෙන් බව හෙළි වී ඇති බවත්ය.

මෙලෙස මිය ගොස් ඇත්තේ 20 හැවිරිදි සුරූපි ඉන්දීය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකි.

ඇය ඉන්දියාවේ ප්‍රධාන රූපවාහිනී නාලික කිහිපයකම විකාශය වූ ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වී ඇති අතර බොලිවුඩ් සිනමාපට කිහිපයකටම රංගනයෙන් දායක වී ඇති බව සඳහන් වේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here