ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකු වූ 34 හැවිරිදි වියේ පසු වූ සුෂාන්ත් සිං රාජ්පුත් 2020 වසරේ ජූනි මස 14 වැනිදා මුම්බායි හි ඔහුගේ නිවසේ කාමරයක මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.
වසර 2ක් ගතවී ඇතත් ඔහුගේ සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් මැවෙන පුවත් අවසන් වී නොමැත.
ඒ අයුරින් මේ වනවිට ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇති පුවතක් වෙත නැවතත් ලෝකයේම අවධානය යොමුව තිබේ.
එහි සඳහන් වන්නේ සුෂාන්ත් සිං ගේ මරණය සියදිවි නසා ගැනීමක් නොවන බවත් එය මිනීමරුමක් වන බවත් ය.
සුෂාන්ත් ගේ මරණ පරීක්ෂණය සිදුකිරීමට සම්බන්ධ වූ රූප්කුමාර් ෂා නැමැති නිලධාරියෙකු විසින් ඉන්දීය රූපවාහිනී මාධ්‍ය ආයතනයකට සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඔවුන් මේ බව වාර්තා කර තිබේ.
අදාළ නිලධාරියා පවසා ඇත්තේ සුෂාන්ත් සිං රාජ්පුත් ගේ සිරුරේ සැකකටයුතු සලකුණු කිහිපයක් තිබූ බවත් එවායින් 2ක් හෝ 3ක් ගෙලෙහි තිබූ බවත්ය.
සුෂාන්ත් ගේ සිරුර දුටු විගසම එය සියදිවි නසා ගැනීමක් නොවන බවත් එය මිනීමරුමක් වන බවත් තමන්ට වැටහුණ අතර ඒ සම්බන්දයෙන් තමන්ගේ ඉහළ නිලධාරින් දැනුම්වත් කළ බවත් ඔහු පවසා ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය වාර්තා කිරීමට අවශ්‍ය වූ නමුත් එම අවස්ථාවේදී ඉහළින් ආ නියෝග මත සිරුරේ එම සලකුණු වල ඡායාරූප ගැනීම පමණක් සිදුකළ බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.