Homeදේශපාලන පුවත්සේවක භාරකාර අරමුදල් පනතට සංශෝධන හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය

සේවක භාරකාර අරමුදල් පනතට සංශෝධන හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය

සේවක භාරකාර අරමුදල් පනතට සංශෝධන හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණයට සමාන සෞඛ්‍ය රක්ෂණාවරණයක් පෞද්ගලික අංශයේ සේවකයින්ට ද ලබා දීම සඳහා වන යෝජනාවක් 2023 අයවැය කතාවේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි 1980 අංක 46 දර​ණ සේවක භාරකාර අරමුදල් පනත සංශෝධනය කිරීම අවශ්‍යව පවතින බවත් එම නිසා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. අදාළ කැබිනට් තීරණය පහතින්,

news images

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here