Homeවිදේශීය පුවත්සොලමන් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

සොලමන් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

සොලමන් දූපත් ආශ්‍රිතව ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ රිච්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රභලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන ඇති බවය.

මේ හේතුවෙන් භූකම්පනය හටගත් ස්ථානයේ සිට කිලෝමීටර් 300ක් ඇතුළත සොලමන් වෙරළ තීරයේ ප්‍රදේශයකට සුනාමි අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව වාර්තා වේ.

භූ කම්පනය තත්ත්පර 20ක පමණ කාලයක් සිදුව ඇති බව සඳහන්ය.

නගර ආශ්‍රිතව විදුලිය ද විසන්ධි වී ඇති අතර ජනතාව එම ප්‍රදේශය අතහැර උස්බිම් වෙත පළායමින් සිටින බව විදෙස් මාධ්‍ය පැවසුවේය.


– update –

සොලමන් දූපත් ආශ්‍රිතව හටගත් භූ කම්පනයෙන් පසු තවත් පසු කම්පන තත්ත්වයන් කිහිපයක් වාර්තා වී තිබේ.

ඒ අනුව පසු කම්පන 3 ක් වාර්තා වී ඇති අතර ඉන් එක් කම්පනයක් රිච්ටර් මාපකයේ ඒකක 6 ක ප්‍රබලත්වයකින් යුක්ත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූ කම්පන තත්ත්වයන් හේතුවෙන් මෙතෙක් පුද්ගල මරණ හෝ තුවාල සිදුවීම් වාර්තා වී නොමැති බව සඳහන්ය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here