දිවයිනට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් මෙන්ම අපරාධකරුවන් වන නඳුන් චින්තක නොහොත් හරක් කටා සහ සළිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු යන සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබෙනවා.
මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ඊයේ (15) පෙරවරුවේ දිවයිනට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කර තිබුණා.
“හරක් කටා” සහ “කුඩු සළිඳු” ඇතුළු පිරිසක් පසුගියදා මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.