හොන්ඩුරාස් රාජ්‍ය යේ හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව මාස 14ක් සඳහා සිරගත කර ඇති බව වාර්තා වෙයි.
සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා වෙන්කර තිබූ මුදල් වංචා කිරීම සහ අවභාවිත කිරීම යන චෝදනා ඇයට එල්ලවී තිබූ බව එරට අධිකරණ නිලධාරියෙක් පැවසීය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රෝසා බෝනිල්ලා , අඩු ආදායම්ලාභී දරුවන් වෙනුවෙන් වෙන්කර තිබූ ඩොලර් 590,000කට සමාන මහජන මුදල් සිය ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, දරුවන්ගේ පාසල් ගාස්තු ගෙවීමට සහ ඉදිකිරීම් සඳහා අවභාවිත කර ඇති බවය.
මීට පෙර සිදුකළ නඩු විභාගයකින් අනතුරුව ඇයට වසර 58ක සිර දඬුවමක් ලබා දුන්නද එම නඩු විභාගයේ විවිධ දුර්වලතා තිබූ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව 2020 වසරේදී අත්හිටුවීය.