Homeක්‍රීඩා පුවත්හෙට තරගයට චාමික එයි ද ? නැද්ද ?

හෙට තරගයට චාමික එයි ද ? නැද්ද ?

ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න එක් කර නොමැති බව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඊයේ (23) මාධ්‍යට පැවසුවේය.

කෙසේ වෙතත් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පවසන්නේ, විනය ගැටලුවක් මත චාමික කරුණාරත්න සංචිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුවට බලයක් නොමැති බවය.

ක්‍රීඩා අමාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේබව සඳහන් කළේය.

ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා විශේෂ රැස්වීමක් ක්‍රීඩා අමාත්‍යවරයාවරයාගේ ප්‍රධානත්වෙයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේදී ඊයේ පැවැත්වුණි.

ඒ සඳහා ජාතික ක්‍රීඩා සභාව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති එක්ව සිටියේය.

ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න  ඇෆ්ගනිස්ථාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොකිරීම ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාවේ දැනට පවතින ගැටලු සම්බන්ධයෙන් එහිදී සාකච්චා කර තිබේ.

ප්‍රශ්නය – චාමික ට දඬුවමක් පනවලා තියෙනවා. ඒ පිළිබඳව ඔබ හිතන්නේ කුමක් ද?

“අපිට අද තමා ක්‍රිකට් තේරීම් සභාවේ සභාපතිතුමා කිව්වේ, චාමික කරුණාරත්නට ඒ අය දඬුවමක් දීලා තියෙනවා කියලා. හැබැයි ඒක වැරදියි කියලා චාමික කරුණාරත්න හිතනවා නම් ඇමතිතුමාට ඇපීල් එකක් දාන්න පුළුවන්. 2020 දක්ෂතා නැත්නම් ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් එක්දින තරගවල දක්ෂතා දක්වලා තියෙන නිසා කණ්ඩායමට දාලා විනය ප්‍රශ්නයක් තියෙනවා නම් ක්‍රිකට් පරිපාලනයෙන් කියනවා එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙම නම් ඒ ගැන පරීක්ෂණයක් කරලා එතැනින් ක්‍රමවේදයක් හදන එක තමා අපි කිව්වේ හරි විදියට කරන්න තිබුණා කියලා. එහෙම වුණා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. විනය ප්‍රශ්නයක් නැතුව චාමිකව එළියට දානවා කියන එකේ ප්‍රශ්නයක් මටත් තියෙනවා. හැබැයි ඒක තේරුම් කරලා දුන්නා දැන් විනය ප්‍රශ්නයක් තියෙන්නේ කියලා. මම විනය ගැන ඍජුවම ඉන්න කෙනෙක්. විනය නැතුව කිසිම දෙයක් රටක් හැදෙන්නෙත් නෑ. ක්‍රීඩාවක් හැදෙන්නෙත් නෑ. ඒක මම හැමදාම කිව්ව දෙයක්. මම හැමදාම හිතන්නේ මේ විනය ප්‍රශ්නය නිසා තමා අපිට ක්‍රිකට්වල ලොකු ප්‍රශ්න ඇවිත් තියෙන්නේ. ක්‍රිකට්වල විතරක් නෙමෙයි රටේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ විනය ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ක්‍රිකට් පරිපාලනයෙන් මොකද්ද වෙන්නේ කියලා බලා ඉන්න සිද්ධවෙනවා.”

ප්‍රශ්නය – ඔබතුමා එක්වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විවේචනයට ලක්කළා. ඔබතුමා තාම හිතනවා ද මේ තේරීම් කමිටුව යටතේම ඉදිරියටත් තේරීම් සිදුවිය යුතුයි කියලා ?

“මම හිතන්නේ මේ අයගෙත් කාලය ඉවර වෙනවා කියලයි අපිට ආරංචිය. මම නම් පෞද්ගලිකව හිතනවා මේක මාධ්‍ය හරහා දාලා සියලුම කැමති ඕනෑම ක්‍රිකට් ක්‍රීඩයෙක් ට තේරීම් කමිටුවට අයදුම් කරන්න අවස්ථාව ලබලා දිය යුතුයි.” 

කෙසේවෙතත් මාධ්‍යවේදීන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගෙන් චාමික කරුණාරත්න පිළිබඳ කරුණු විමසා සිටියේය.

ප්‍රශ්නය – දැන් මේ චාමික කරුණාරත්නට මොකද වෙන්නේ?

“එතුමාව ඉවත් කරපු හේතුව මම පැහැදිලි කළා.”

ප්‍රශ්නය – දැන් ඇෆ්ගනිස්ථාන සංචාරයට චාමිකව එක්කර ගන්නවාද?

“නෑ. කණ්ඩායම තෝරලා ඉවරයි. ඒකට එක්කර ගන්නේ නැහැ.”

ප්‍රශ්නය – ඇමතිතුමා ඒකට වාර්තාවක් ඉල්ලලා තියෙනවාද?

“මම දන්නේ නැහැ ඒක. මගෙන් ඉල්ලලා නැහැ.”

මේ අතර හෙට ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – ඇෆ්ගිනිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වුණි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා සංචිතයට මේවන තෙක් ක්‍රීඩා අමාත්‍යවරායගේ අනුමැතිය හිමිව නැහැ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here